(ඩයනා උදයංගනී)
දිවයින ආසන්න වායු ගෝලයේ පවතින කැළඹිලිකාරී තත්ත්වයක් හේතුවෙන් බොහෝ ප‍්‍රදේශවලට හෙට (20) සිට තෙදිනක් පුරා වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් 21 සහ 22 දිනවල තරමක් තද වැසි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
නැගෙනහිර, උතුරුමැද පළාත්වලත්, මුලතිව්, කිලිනොච්චි, වව්නියාව සහ මාතලේ දිස්ති‍්‍රක්කවලත් හෙට (20) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
සෙසු පළාත්වල ද පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඔහු කියා සිටියේය.
ඇතැම් ප‍්‍රදේශයන්හි උදය කාලයේ මීදුම් තත්ත්වයක් පැවතිය හැකි බව ද එම ප‍්‍රකාශකවරයා කීවේය.