හෙට පාර්ලිමේන්තු යනවාද යන්න ආණ්ඩු පක්ෂ තීරණය උදේට


ඩයනා උදයංගනී 
 
අග්‍රාමාත්‍යවරයාගේ වියදම් කපාහැරීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට අදාළ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිත හෙට (29) දිනයේ දී පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වන්නේ ද යන්න ගැන ආණ්ඩු පක්ෂ තීරණය හෙට උදෑසන ගන්නා බව නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හෙට උදෑසන රැස්වී එම තීරණය ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය.
 
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව ව්‍යවස්ථාවට පටහැනි එකක් බවද ජයසේකර මහතා පැවසීය.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.