හසිදි හෘදයාබාදයක් ඇති වුවහොත් පැය තුනක් ඇතුළත ප්‍රතිකාර කර රෝගියා බේරාගත හැකි ඖෂධයක් විදේශීය රටකින් ආනයනය කිරීමට සැරසෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මෙම ඖෂධය ගැන සෞඛ්‍ය ඇමැතිවරයාගේ අවධානයට යොමු කර තිබේ.
මෙම ඖෂධය දැනට රුපියල් 120000කට අලෙවි වන බවත්, එය අඩු මිලට ආනයනය කිරීමට සාකච්ඡා කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

