කොම්පඤ්ඤවීදියේ කඩයකින් විකුණූ බව කියන සෝඩා බෝතලයක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය සොයා ගත් බව රජයේ රස පරීක්ෂක කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට වාර්තාවක් ඉදිරිපත් කළේය.
තමා මිලට ගත් සෝඩා බෝතලයේ මළ සතකුගේ කොටස් තුබූ බව අජන්ත හේරත් නම් එහි වැසියෙක් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කළේය. අජන්ත හේරත් මහතා පාරිභෝගික අධිකාරියට පැමිණිලි කර ඇත්තේ හූනකුගේ මළකුණක කොටස් වැනි ආගන්තුක ද්‍රව්‍ය එහි ඇති බවයි.
අසනීපයෙන් පසුවූ තම දරුවාට දීම සඳහා බීම බෝතලය ගත් බවත් ඔහු කියා ඇත. පැමිණිලිකරු සමාගමෙන් වන්දියක් ඉල්ලයි.
මෙම චෝදනාව බැහැර කරන සමාගම තම නිශ්පාදන හොඳ තත්ත්වයේ තිබූ බව කියයි.
වැඩිදුර විභාගය ලබන 19 වැනිදාට කල් තැබිණි.