හුරුළුවැව සෝයා ගොවියෝ අපුර කච්චේරිය වටලති


රජයේ අනුග්‍රහයෙන් බාල බීජ සැපයීමෙන් ගිය වසරේ දෙසැම්බරයේ සිදු වූ වගා පාළුව වෙනුවෙන් පොරොන්දු වූ පරිදි මාස තුනකින් වන්දි නොගෙවීයැයි  කියමින් හුරුළුවැව සෝයා බෝංචි ගොවියෝ අද අනුරාධපුර කච්චේරිය වැටලූහ.

මාස තුනකින් දෙවැනි වන්දි මුදල ගෙවන බවට දිසාපති විසින් විසින් දෙන ලද පොරොන්දුව අදින් අවසන් වුවත් මුදල් නොගෙවීයැයි ඔවුහු චෝදනා කරති.

දිසාපති කාර්යාලයයට පිවිසෙන ගේට්ටු වසා දමා ඇති අතර ගොවියෝ එක් ගේට්ටුවක් අසළ ලිපක් කැඳ පිළියෙළ කරන්නට වූහ.

අතිරේක දිසාපති ලීල් ප්‍රසන්න මදනායක මහතා ඔවුනට පැවසුවේ මහ දිසාපතිවරයා අද කාර්යාලයයේ නැති බවයි. එහෙත් ගොවියන් පැවසුවේ වන්දි ලැබෙනතුරු එහි නතර වී සිටින බවයි.