හුනුවටය සිංහල වේදිකා නාට්‍ය දෙමළ බසට පරිවර්ථනය කර ‘‘වෙන්කට්ටි වට්ටම්” නමින් උතුරේ ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇතැයි ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක පරාක්‍රම නිරිඇල්ල මහතා කියයි.
එම නාට්‍ය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු එලෙස කීවේය.
‘‘සාමය තේමාව කරගත් නාට්‍යයක් නිෂ්පාදනය කොට එය උතුරු පළාතේ ප්‍රදර්ශනය කර සංහිදියාව ගොඩනැගීමට උත්සහ දැරීමකට වඩා එම පළාත්වල ජනතාවගේ හදවතට සමීප සිංහල නාට්‍යයක් දෙමළට පරිවර්තනය කර ප්‍රදර්ශනය කිරීම සංහිදියාව ගොඩනැංවීමට වඩා වැදගත්. හුණුවටය වේදිකා නාට්‍ය ''වෙන්කට්ටි වට්ටම් ''ලෙස දෙමළ භාෂාවට පරිවර්ථනය කළේ කුලදේ ෂන්මුගලිංගම් නම් නාට්‍යකරුවෙක්. ‘‘
හෙන්ද්‍රි ජයසේනගේ පිටපතට අනුව පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ හුණුවටය සිංහල නාටකයේත්,දෙමළ නාටකය වූ ''වෙන්කට්ටි වට්ටම්'' නාටකයේත් ගෲෂාගේ චරිතයට පණපොවණු ලබන්නේ ලීලාවතී සෙල්වරාජ් නැමති දෙමළ තරුණියයි.