හුදෙකළා ප්‍රදේශවලින් පනින්න බෑ


 

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විශේෂ කරුණු පැහැදිළි කිරීමක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඒ අනුව හෙට දින (නොවැ.09) නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව රටතුළ දෛනික කටයුතු ක්‍රියාත්මක කිරීමේදී හුදෙකළා කරන ලද ප්‍රදේශ වල සිටින කිසිවකුට තම තමන් සිටින ප්‍රදේශ වලින් පිටතට පැමිණිය නොහැක.

බස්නාහිර පළාතට පණවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00ට අවසන් වූවත් ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 25 ක සහ කුරුණෑගල මහනගර සභා ප්‍රදේශයත් පානදුර ග්‍රාමසේවා වසමකුත් හුදෙකලා ප්‍රදේශ බවට පත් කර තිබේ. මේ වන විට මෙම ප්‍රදේශ වල ආරක්ෂාව තරකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.