වත්තල, හුණුපිටිය ප්ලාස්ටික් කර්මාන්තශාලාවක අද (18) අලුයම ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 6ක් එම ස්ථානයට යවා ඇතැයි කියති.
අද අලුයම 4ට පමණ ගින්න හටගෙන ඇතැයි ද පැය පහක පමණ මෙහෙයුමකින් පසු ගින්න නිවා දැමූ බවත් පොලිසිය පවසයි. අලාභය මෙතෙක් ගණන් බලා නැතැයි ද වාර්තාවේ.
ඡායාරූප - ලාල් එස්.කුමාර
ඡායාරූප - සරත් චින්තක
වීඩියෝ - ලාල් එස් කුමාර