හීත්රෝ නිදහස් උළෙල ජයටම


ශ්‍රී ලංකාවේ 65 වන නිදහස් සමරුම නිමිත්තෙන් විශේෂ උත්සවයක් ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන විහාරස්ථානයේ දී පැවැත්විණි.

අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති වඳුරඹ කස්සප හිමියන්ගේ අනුසාකත්වයෙන් මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානයකර තිබුණු මෙම උත්සවයට විහාරස්ථ දායක සභාව  සහ දහම් පාසලේ දරුදැරියෝ ද ඔවුනේ මව්පියෝ ද සහභාගී වූහ.

රොෂාන් ලක්ප්‍රිය ලූට්ස් ප්‍රමුඛ විහාරස්ථ "සරෝ" නර්තන කණ්ඩායම  නර්තන අංගයන්ගෙන් ද විශාර ද වීරසිරි මල්වත්ත විශාරද අනුෂා මල්වත්ත විශාරද නවීන් මල්වත්ත සහ විශාරද තිසරණී මල්වත්ත දේශාභිමානී ගීත ගායනයෙන්ද සහාය විය.

අතුල දස්සන දහම් පාසැලේ දරුදැරියන් ඉදිරිපත් කළ ගායනා සහ නැටුම් අංග කාගේත් පැසසුමට ලක්විය.

ශ්‍රී ලංකාවේ නිදහසෙහි අභිමානය විස්තරකරමින් මහා බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අමාත්‍යංශ යේ උපදේශක ආචාර්ය සුනිල් කාරිය කරවන විශේෂ දේශනයක් පැවැත්වීය.