ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානය සංවිධානය කළ බක්මහ උළෙල මේ වසරේද ඉතාමත් අලංකාරවත් ලෙස පැවැත්විණි. විහාරාධිපති වඳුරඹ කස්සප හිමියන්ගේ අනුසාශකත්වයෙන් විහාරස්තදායක සභාවේ සංවිධායකත්වයෙන් පැවැත්වති මේ අවුරුදු උත්සවයෙදී අවුරුදු උත්සවයක දක්නට ලැබෙන අවුරුදු ක්‍රීඩා දැකිය හැකි විය.
.බණ්ඩාර වෑකඩපොළගේ අධීක්ෂණය යටතේක්‍රීඩා සහතරඟ වර්ග 50 කටළමා සහ තරුණ පිරිස් ඉතා උනන්දුවකින් සහභාගී වුහ.
මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාමහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ප්‍රධාන ආරාධිතයාය. මහකොමසාරිස්කාර්යාලයේ චමින්ද කුලරත්න,එච්.එම් .කේ.හේරත්, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේනලින් පෙරේරා , ශ්‍රී ලංකා බැංකුවේ ධම්මික මුතුකුඩ සහ නීතිඥ සුර්යා සමරසිංහ යන මහත්ම මහත්මීහු අතින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වුහ.
පැමිණසිටි සියල්ලගේම අත්පොලසන් මැද්දේ සිංහලෙන් තම කතාව පැවැත්වූ මහ කොමසාරිස්තුමා කස්සප හිමියන්ගේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස ඉතා කෙටි කාලයකින් හීත්රෝ දස්සන බෞද්ධ විහාරය ලබා ඇති දියුණුව හා ශාසනික සේවයඅගය කරන" බව පැවසීය.
සංස්කෘතික සන්දර්ශණයේදී ශ්‍රී ලාංකික අවුරුදු සිහිපත්කෙරෙන අලංකාර නර්තන අංග ඉදිරිපත් කරන ලද්දේ රොෂාන් ලුට් යටතේ ඉගෙන ගන්නා අතුලදස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ සරෝ නර්තන කණ්ඩායම විසිනි.විහාරයේ දහම් පාසලේ දරු දැරියෝද නර්තන, දේශනා සහ ගායන අංග ඉදිරිපත් කළහ. කිරිබත්, කැවුම්, කොකිස් ඇතුළු ශ්‍රී ලාංකික ආහාරපාන එහි විය.