හිස් කොලයකට අත්සන් ගත්තාට කතක නීතිවේදියාට ගහලා


තමාගෙන් හිස් කොළයකට අත්සන් ගත්තැයි කියන සිද්ධියක් මත කාන්තාවක අත්තනගල්ල උසාවිය අසල නීතිඥවරයකුට පිහියක් පෙන්නා තර්ජනය කර පහර දුන්නැයි නිට්ටඹුව පොලිසියට නීතිඥවරයෙක් පැමිණිලි කර ඇත.

ඔප්පුවක් ලිවීම සඳහා එම නීතිඥවරයා තමාගෙන් හිස් කොලයකට අත්සන් ගත්තැයිද එය අස්ථානගත කර ඇතැයිද එම කාන්තාවද පොලිසියට පැමිණිලි කර ඇත.