හිස නැති මළ සිරුරක් සාලියවැවදී හමුවෙයි


( එච්.චන්දන සහ ඡයරත්න වික්‍රමආරච්චි )

සාලියවැව - නීලබැම්ම  ප්‍රදේශයේ තිබී හිස නැති මළ සිරුරක් හමු වු බව සාලියවැව  පොලීසිය කියයි. එම ස්ථානයේ තිබී පොලිස් කොස්තාපල් වරයකුගේ හැදුනුම්පතක් හා  පිස්තෝලයක් හමුවී ඇති බවද පොලිසිය පවසයි.

මළ සිරුර හදුනා ගැනීමට නොහැකි තත්ත්වයේ පවතින බව  පොලිසිය කියයි.එම හැඳුනුම්පත ඉකුත් 04 වැනි දා අතුරුදන්වූ බව කියන අනුරාධපුර මූලස්ථාන පොලීසියේ කොස්තාපල්වරයකුගේ බවට හඳුනාගෙන ඇත. මිය ගිය පුද්ගලයා එම පොලිස් නිළධාරියාද යන්න මෙතෙක් හදුනා ගෙන නොමැත.