කෙටී පෙරීගේ ප්‍රියතම ජනපති අපේක්ෂිකාව වුණේ හිලරි ක්ලින්ටන්. ඇගේ පරාජයත් සමඟම කැටීගේ ගායන ප්‍රසංගයන්ද අවලංගු කරන්නට සිදුවෙලා. මෙයට හේතු දක්වන කැටී පවසන්නේ නිවසෙහි හටගත් ප්‍රශ්නයක් නිසා සංගීත ප්‍රසංගය අවලංගු කරන්නට සිදුවූ බවයි. මේ සංගීත ප්‍රසංගය පැවැත්වීමට නියමිතව තිබුණේ චීනයේ ෂෙන්ස්හෙන් ප්‍රදේශයේ උත්සව මාලාවක් අතරතුරදියි. කැටීගේ ප්‍රසංගය යළි පවත්වන දිනයක් තවම ප්‍රකාශ කර නැහැ.
කැටී, හිලරි ක්ලින්ටන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවා රෑ නොතකා වෙහෙසුණා. නමුත් ඇගේ මවුපිය දෙදෙනා උග්‍ර රිපබ්ලිකන් පාක්ෂිකයන්. ඒ නිසා ඔවුන් දෙදෙනා ඡන්දය දුන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ටයි. ඒ වුණත් කැටී සහ දෙමවුපියන් අතර කිසිදු මත ගැටුමක් සිදුනොවූ බවයි පැවසෙන්නේ. හිලරිගේ පරාජයෙන් පසුව කැටී, තම පෙම්වතා වන ඕලැන්ඩෝ බ්ලූම් සමඟ දුක බෙදා ගත් බවයි ආරංචි.