හිරේ වැටුණු තරුණයා සාපෙළ කඩඉමෙන් පනී


වටරැක බන්ධනාගාර සුනීත පාසලේ තරුණ සිරකරුවෙක් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් නැටුම් වලට බී සාමාර්ථයක් ද සහිතව වැඩ හයක් සමත්වී සිටියි.

ඉන් වැඩ හතරකට සම්මාන ඇත.

හොර බඩු ළඟ තබා ගැනීමේ වරදට තුන් අවුරුදු සිර දඬුවමකට නියම වූ ඔහු දැනට මාස හතක් දඬුවම ගෙවා තිබේ.

හිරකරුවෝ 16 දෙනකුගෙන් සාමාන්‍ය පෙළ සමත්වූ එකම සිකරුවා මොහුය. ඔහු අනුරාධපුරයේ කෙනෙකි.