හිරේ ගිය මිනිහා වසර 29ක්ම එළියේ


මහව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු දෙකකට වරද පිළිගත් සැකකරුවකු සම්බන්ධයෙන් දඩුවම් නියම කිරීමට පෙර ඇඟිලි සලකුණු වාර්තා කැදවීමේ දී ඔහු මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමවූවකු බවට ලද වාර්තාවක් සැලකිල්ලට ගත් මහව   අතිරේක මහේස්ත්‍රාත් දමිත විජේසිංහ මහතා ලබන හෙට (08) තෙක් ඔහු රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.

ජීවිතාන්තය දක්වා බන්ධානාගාර ගත කැරුණු පුද්ගලයකු නිදැල්ලේ සිටින්නේ කෙසේදැයි සොයා බලන ලෙසත්, ඊට අදාළ තොරතුරු නැවත වරක් ඇඟිලි සලකුණු අංශයේ ලේඛකාධිකාරීට යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසත් නියෝග කළ  මහේස්ත්‍රාත් එම වාර්තාව ලැබෙන තෙක් ඔහු රිමාන්ඩ් කළේය.

1985 දී හිරේට නියම වූ ඇති මොහු වසර 29ක්ම එළියේ සිටි බව උසාවියේ දී කැයිවිණි.