තමන් නිදහස් කරන ලෙස ඉල්ලා බන්ධනාගාර හතරක කොටි සැකකරුවන් ආරම්භ කර තිබූ ආහාර වර්ජනය අද (17) උදෑසන අත්හිටවූ බවට දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ සම්බන්ධීකාරක එන්.සත්‍යවේ පියතුමා කියා සිටියේය.
පියතුමන් එසේ කියා සිටියේ උපවාසයේ නිරත සිරකරුවන් බැලීමට ගොස් ආපසු එමින් සිටියදී අද(17) උදෑසන මාධ්‍යට අදහස් දක්වමිනි.
මෙම රැදවියන්ගෙන් කොටසකට රජය මගින් ඇප ලබාදුන් අතර තවත් පිරිසකට පුනරුත්ථාපන පහසුකම් ලබාදීමට රජය එකඟත්වය පළ කිරීමත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇති බවට කියා සිටියේය.
ඒ අනුව එල්.ටී.ටී.ඊ. සැකකරුවන් තම උපවාසය තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ඉදිරි දින 10 තුළ පුනරුත්ථාපන පහසුකම් සලසන ලෙස රජය වෙත ඉල්ලීමක්ද ඉදිරිපත් කර ඇති බවට සත්‍යෙව්ල් පියතුමා වැඩි දුරටත් කියා සිටියේය.

