හිරේ ඉඳන් එළියෙ කුඩු බෙදයි


බන්ධනාගාර සිරකරුවකු වන ලාලිත විසින් මෙහෙයවතියි කියන කුඩු ජාවාරමකට සම්බන්ධ තිදෙනකු හෙරොයින් කුඩු කිලෝවක් සමග ජා- ඇළ ස්ථාන තුනකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සිරකරුවා ඉන්දියාවේ සිට ගෙන්වතියි කියන කුඩු යතුරුපැදි හා ත්‍රීරෝද රිය වලින් බෙදා හරිතියි කියති.

යතුරුපැදි දෙකක් ද, ත්‍රී රෝද දෙකක් ද සොයාගෙන ඇත.

මෙම කුඩු තොගයේ වීදි වටිනාකම රුපියල් කෝටි භාගයක් පමණ වෙතියි පොලීසිය කියයි.