රියදුරු බලපත්‍රය ළඟ නොමැතිව හා බීමත්ව රිය පැදවූ මාතර නාවිමන එල් ප්‍රදීප්ට(27) රුපියල් නව දහසක දඩයක් ද, බරපතල වැඩ සහිත දෙමාසයක සිර දඬුවමක් ද මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල සම්පත් කරුණාරත්න මහතා නියම කර තිබිය දී දඩය පමණක් ගෙවා ඔහු එළියට පැමිණි ආකාරය ගැන පරීක්ෂණයක් පවත්වන බව මාතර බන්ධනාගාරය කියයි.
මේ ගැන එසැණ අධිකරණයෙන් විමසූ අවස්ථාවේ දැනගන්නට ලැබුණේ බන්ධනාගාර නිලධරයන්ගේ අතපසු වීමකින් ඔහු මුදා හැර ඇති බවයි.
ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය හා බන්ධනාගාරය ඔහු සොයා ගිය නමුත් සොයා ගත නොහැකි විය.

