හිරුනිකාගේ ඩිෆෙන්ඩරය මුදා හැරෙයි


දෙමටගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් බාරයට ගෙන තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් රථය රුපියල් ලක්ෂ 45 ක බැඳුම්කරයක් යටතේ අද නිදහස් කැරිණි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වරයා විසින් අද මෙම නියෝගය දුන් අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන්  තම දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශන මේ වන විට අවසන් බවත් එම විමර්ශන වාර්තා නීතිපති වෙත යවා ඇති බවත් රහස් පොලිසිය අධිකරණට දැනුම් දුන්නේය.

නැවත නඩු විභාගය අප්‍රේල් 17 දක්වා කල් තබන ලදී .