හිරුණිකාටත් ඇප


ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ දෙමටගොඩ  දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී අයුතු ලෙස සිරකර තබාගත් බව කියන සිද්ධියක් ගැන පාර්ලිමේන්තු මන්තී‍්‍රනි හිරුණීකා පේ‍්‍රමචන්ද්‍ර හා ඇගේ පෞද්ගලික ආරක්ෂකයින් ඇතුළු සැකකරුවන් නව දෙනාට  ඇප දීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි එස් රණවක මහත්මිය නියෝග කළාය.

රුපියල් 50000 ක බැගින් මුදල් ඇප ද රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇපයක් ද නියම විය. විදේශ ගමන් බලපත්‍ර ද තහනම් කැරිණි.

නඩු විභාගය ජනවාරි 10 සහ 11 යන දෙදින පැවැත්වීමට  නියමිතය.

GLA_3717 GLA_3718 GLA_3728