හිරුණිකාට පොලිස් ඇප


බොරැල්ලේ ඉඩමකට අයුතු ලෙස ඇතුළුවී තර්ජනය කළැයි හිරුණි ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඇතුළු සිව්දෙනෙක් බොරැල්ල පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

2011 ඔක්තෝබර් අට වැනිදා කොළොන්නාවේදී ඝාතනයට ලක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියයි.

ලබන 27 වැනිදා අලුත් කඩේ අධිකරණයට පැමිණෙන ලෙස පොලීසිය ඇයට දන්වා ඇත.