පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අද (29) අලුත්කඩේ උසාවියේ හැසිරෙන හැටි කියා දී තරයේ අවවාද කළේය. උසාවියට ආචාර දක්වා ඇය නොපැමිණි බවත් එය උසාවියට අපහස කිරිමක් බවත් විනිශ්චකාරවරු ඇයට කීහ.
ඇය පැමිණියේ සිය පියා වන භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ සාක්කි විමසමින් සිටියදීය. ශිරාන් ගුණරත්න (සභාපති) , රණවක ගුණතිලක , එම්.සි.බී.එස් මොරායස් යන විනිසුරු මණ්ඩලය හමුවේ නඩුව විභාග වේ.
නඩුවේ සාක්කි විභාගය නතර කළ විනිසුරු මණ්ඩලය ඇය අධිකරණය ඉදිරියට කැඳවුවාය. මෙය උසාවියක් යැයි ඇයට දැනුම් දුන්නේය. අධිකරණයට ඇතුළු වන විට හිස නමා ආචාර කිරිමේ සම්ප්‍රදාය ඇයට කියා දුන්නේය.
අධිකරණයේ ගරුත්වය නොරකින්නේ නම් අපහාස කිරිමේ චෝදනාවට මුහුණ දිමට සිදු වෙතියි ඇයට අනතුරු ඇඟවීය.

