පසුගිය පළාත් සභා ඡන්දයේදී බස්නාහිර පළාතෙන් වැඩිම මනාප ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මින් මද වේලාවකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට එක්වූවාය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි ඇය හමුවීමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා මංගල සමරවීර මහතාද පැමිණ සිටියහ.

