හිරුණිකාගේ පිරිස යළි රිමාන්ඩ්


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියගේ කාර්ය මණ්ඩල සේකයෝ පස්දෙනෙක් හා තවත් අයෙක් කොළඹ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ජනවාරි 4 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු  ලැබුහ.

දෙමටගොඩ රෙදි කඩ සේවකයකු පැහැර ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට  ඉදිරිපත් කරන ලෙස නියෝග කැරිණි.

ඩිෆෙන්ඩර් රියකින් ආ නාඳුනන පිරිසක් දෙමටගොඩ ලකී ස්ටාර් රෙදි සාප්පුවේ සේවකයකු පැහැර ගත් බවට  පැමිණිල්ලක් ලැබුණු බව පොලිසිය අධිකරණයට  දැන්වීය. මේ ගැන ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් විමසු විට ඇය එවැන්නක් ගැන නොදන්නා බව කීවේ යැයි පොලිසිය උසාවියට  දැන්වීය. පසුව ඇය ජිප් රිය හා සැකකරුවන් පොලිසියට  බාර දුන් බව ද පොලිසිය කියා සිටියේය.

සිද්ධිය ඇසින් දුටු සිව් දෙනෙකුගේ සාක්කි සටහන් කර ගත් බවත්  අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් අමිල ප්‍රියංකර අමරසිංහ පැහැරගැනිම් ,පහරදිම හා නිති විරෝධි ලෙස රඳවා ගැනිම හා ඔවුනට  නඩු පවරන බව පොලිසිය අධිකරණයට දැන්විය.

නිතිඥ අමිල ඉන්දික මහතා විත්තිය වෙනුවෙන් පෙනි සිටිමින් කියා සිටියේ පැමිණිලිකරු එක් සැකකරුවකුගේ බිරිය පැහැරගෙන ගොස් ඇති බවයි.මේ සිද්ධිය බේරුම් කර  තම බිරිය ආපසු  ගෙදර  එවන්නැයි  බිරියගේ සැමියා සෙසු සැකකරුවන්ට කියා ඇතැයි ද ඒ අනුව මෙම සැකකරුවන් මේ සිද්ධිය බේරුම් කිරිමට  රෙදි සාප්පුවට  ගොස් ඇතැයි ද හඳුනාගැනිමේ පෙරට්ටුවක් පැවැත්විම තමා විරුද්ධ වන්නේ යැයි නිතීඥවරයා කීවේය. 

ඊට හේතුව වශයෙන් ඔහු දැක්වුයේ රූපවාහිනි නාළිකාවක් සිසිටීවී කැමරා දර්ශන විකාශනය කර අැත.

 

  IMG_7021

IMG_6990