හිරුණිකාගේ ඩිෆෙන්ඩරේ කට්ටිය පොලිසියට එති


පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඩිෆෙන්ඩරයෙන් දෙමටගොඩ දී තරුණයකු පැහැරගෙන මග දමා ගියැයි කියන හය දෙනකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය කියයි.

එම ඩිෆෙන්ඩරය පොලිස් භාරයට ගෙන ඇත.

ප්‍රශ්න කිරීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි සඳහන් කරයි.