හිරියාලේ අවුල පොලිස් අධිකාරී සිසිල් කරයි


හිරියාල දුම්රිය පොළ අසළ අද උදේ අටහමාරේ සිට පැය හතරහමාරක් දක්වා පැවති උද්ඝෝෂණය කුරුණෑගල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සිසිල් ද සිල්වා මහතාගේ මැදහත්වීමෙන් සාමකාමීව විසඳාගත හැකිවිය. යාල්දේවි දුම්රිය හිරියාලේ නතරකරන ලෙස ඉල්ලමින් ඔවුහු රේල්පාරේ උද්ඝෝෂණය කිරීම නිසා දුම්රිය ගමන් නතරවිය. පොලිස් අධිකාරී ඔවුන් හමුවී කියා සිටියේ  දුම්රිය සේවය සමග සාකච්ඡාවක් ලබාදෙන බවයි.

රත්මල්ගම හන්දියේ සිට හිරියාල දන්ගොල්ල හන්දිය දක්වා පාර  කාපට් කර දෙන ලෙසද ඔවුහු තවත් ඉල්ලීමක් ඉදිරිපත් කළහ.