හිරන්‍යා දොඩංවලගෙන් කරමාලය


මෙම කෙටි චිත්‍රපටය ඉතා සරළ යැයි ඔබට හැනේනට ඉඩ ඇත. එහෙත් එම සරළ කෙටි චිත්‍රපටය දක්ෂ රූප රාමු ගොන්නක් තුළ හැඩැසී ඇත. චිත්‍රපටයේ කතාව ඔබට පෙනෙන මට්ටමට වඩා වෙනස් යැයි කිව හැක්කේ ඒ හරහා වලවු පැළැන්තියේ කාන්තාවන් සිටින මාන්නයද දක්ෂ ලෙස විදහා දක්වයි. ඔබ අනෙකෙකු කෙරෙහි තබන විශ්වාසය, ඔබ සතු දෑ සහ ඔබ සතු නොවන දෑ පිළිබඳව ඔබේ දැනීම, ඔබ කම්පා විය යුත්තේ ඔබට අහිමි දෑ වෙනුවෙන්ද නැතිනම් ඔබ විසින් මගහැරගත් දෑ වෙනුවෙන්ද යන්න මේ තුළ සියුම් පෙළකින් පැහැදිලි කරයි. මේ එහි අධ්‍යක්ෂිකා හිරන්‍යා දොඩංවලගේ අදහසයි.

“මං මේක කරේ සමාජයට පොඩි පණිවුඩයක් දෙන්නයි. ඒ වලවු පැළැන්තියේ ඇති මාන්නය තුළ සැඟවුනු සැබෑ අරුත ගෙනෙන්නට මම උත්සාහ කළා. ඒ වගේම මේ හරහා මිනිසුන් තමන් සතු දේ ගැන කොච්චර අධි තක්සේරුවක සිටිනවාද යන්නත් කියන්නට මම උත්සාහ කළා”

 

රංගනය

  • හසරින්ද හේමාල්
  • නයෝමි හුලංගමුව
  • අමිල චින්තක ගමගේ
  • හිරන්‍යා දොඩන්වල්

කැමරාකරණය

  • රෝහන ප්‍රියශාන්ත

අංග රචනය

  • හසිනි විතාරණ

කලා අධ්‍යක්ෂණය

  • හර්ෂනී හේරත්

සංස්කරණය

  • දමිත් තිලංක

අධ්‍යක්ෂණය

  • හිරණ්‍යා දොඩංවල