හිරගේ කැඩූ පොලීසියට සියවසක සිර දඬුවම්


බ්‍රසීලියේ සාච් පවුලෝ බන්ධනාගාරය තුළ නේවාසික රැඳවියන් 13 දෙනකු මරා දැමීමේ සිද්ධියකට වරදකරුවන් කරමින් බ්‍රසීල පොලිස් නිලධාරීන් 23 දෙනකුට එක් අයකුට අවුරුදු 156 බැගින් එරට අධිකරණයක් විසින් සිරදඩුවම් නියම කැරිණි.

1992 වසරේදී සාඩ් පවුලෝ බන්ධනාගාරය තුළ ඇති වූ කැරැල්ලක්කදී පොලිස් කැරැළි මර්දන අංශය විසින් බන්ධනාගාරය තුළට පැමිණ රැඳවියන්ට වෙඩි තැබූ බවත්, එම වෙඩි ප්‍රහාරවලින් සිරකරුවන් 111 දෙනකු මියගිය බවත් පරීක්ෂණ වලදී අනාවරණය විය.

පොලිස් නිලධාරීන් තිදෙනක් නඩු විභාගය අතරමගදී නිදහස් කරනු ලැබූහ.