භික්ෂූන් වහන්සේලා නමින් පෙනී සිටිමින් ජනතාව රවටා මුදල් ලබාගන්නා ජාවාරම්කරුවන් දස දෙනකු මාතලේ දිස්ත්‍රික්කයේ සිටින බව සිවිල් සංවිධාන මාධ්‍ය සංවිධාන එක්ව කළ ගවේෂණයක දී තහවුරු කරගෙන ඇත.
විවිධ සේවා ලබාදෙන බව පවසමින් මොවුන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය ගෙන යමින් මුදල් ගැරීම සිදුකරයි. ඔවුන් පෙනී සිටින්නේ ප්‍රදේශයේ ප්‍රචලිත කීර්ති නාමයක් හිමිකරගත් ජ්‍යේෂ්ඨ භික්ෂූන් වහන්සේලාගේ නමිනි. මෙලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් දෙස් විදෙස් පුද්ගලයන්ගෙන් මුදල් ගරා ගැනීම සිදුකරන බව ද දැනගන්නට ඇත.
මේ ජාවාරම්කරුවන් හේතුවෙන් භික්ෂූන් වහන්සේලා දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

