හිමිවරු හඳුනාගැනීමේ පෙරට්ටුවට


හෝමාගම උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරීමට සැකපිට සඳුදා (15) පොලිසියට බාරවීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබූ හිමිවරුන් සිව්දෙනා අද (16) හෝමාගම අධිකරණයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට රැගෙන එනු ලැබූහ.

රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, හිටපු මන්ත්‍රී හා සිහළ රාවය සංවිධානයේ ලේකම් අක්මීමන දයාරතන, මැදිරිගිරියේ පුඤ්ඤසාර හා බත්තරමුල්ලේ පඤ්ඤාජෝති යන හිමිවරු ඒ අතර වෙති.

උසාවි භූමිය අවට කැරලි මර්දන කණ්ඩායම් හා පොලිස් භට පිරිස් රඳවා ඇත.

0cd5c4074eacb13d11022aa20162168948af86 6eb6dee8079366fdaba5b2016216c1b76a18 53a58a85411580df0daf22016216acc6bab9ef 79b84d1be9e1820162160694f45591 d8db1d1d3959d20162169f3527

web_2016216Homagama9d3e32d848697f6f3c9b95636 web_homagama_2016216017ba11703631ba9917bbe

ජායාරූප හා විඩියෝ ලහිරු හර්ෂණ