හිමිවරු රිමාන්ඩ්


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී පසුගිය දා පැවැති විරෝධතාවේ දී එහි දේපොළට අලාභ හානි කළැයි සැකපිට අත්අඩංගුවට ගත් හිමිවරු හතර දෙනෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ජුනි 07 දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.

තවත් විශ්ව විද්‍යාල සිසුන් තිදෙනෙක් රුපියල් දස දහසක මුදල් හා රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලදහ.