හිමිවරු බලෙන් අගමැති හමුවෙන්න හදති


කොළඹ මල් පාරේ අගමැති කාර්යාලය ඉදිරිපිට  රැස්ව සිටින භික්ෂූන් අතුරින් සිහල රාවයේ නායක  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරත්න හිමියන් ඇතුළු භික්ෂූන් කිහිප නමක් අද සවස 3.15 ට පමණ  අගමැති කාර්යාලයට බලෙන් අතුළු වීමට තැත් කළද පොලීසිය ඊට ඉඩ දුන්නේ නැත.අගමැතිවරයා  කාර්යාලයයේ සිට වරින් වර මහා සංඝරත්නය වෙත පණිවිඩ එවු නමුත් තමන් අපේක්ෂා කරන සමාව ගැනීම් ඒවායේ සදහන් නොවන නිසා එම පණිවිඩ ප්‍රතික්ෂේප කරන බව සිංහල රාවය කියයි.

ඕමල්පේ සෝභිත හෙළ උරුමයේ නායක හිමියන් ඇතුළු මහා  සංඝරත්නයට දි මු  ජයරත්න අගමැති  කළැයි කියන අපහාසය ට සමාව ගන්නා තුරු අගමැති කාර්යාලය අවට රැදී සිටින බව කියති.

ඡායාරූප විශ්ව ගැමුණු ප්‍රියංකර