වෙසක් පොහොය දින දළදා මාළිගාව ඉදිරිපිටදී සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය අධිකරණ නියෝගයක් මත කහවත්ත සිරි සුගත විහාරයට පොලිස් ආරක්ෂාව මැද යැවූ බව පොලිසිය කියයි.
මේ හිමියන්ගේ දේහය කහවත්තට යැවීම සම්බන්ධයෙන් දෙපිරිසක් අතර මතභේදයක්ද හටගත් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පැවැත්වීණි.
මහජන ගෞවරය සඳහා පැයද දෙකක කාලයක් කොළඹ පුද්ගලික මල්ශාලාවක දේහය තැන්පත් කර තබන බවට පොලීසිය පොරොන්දු වී හොරෙන්ම දේහය කහවත්තට යැවුයැයි කියමින් මල්ශාලාව ඉදිරිපිටදී හිමිනමක් සිරුරට ගිනි තබා ගැනීමට ගත් උත්සාහය පොලීසිය මහත් පරීශ්‍රමයක් දමා වැළැක්වීය.
මේ සම්බන්ධයෙන් කොල්ලුපිටියේ විරෝධාතාවක නිරතවූ භික්ෂූන් වහන්සේලා පිරිසක් පොලිසිය දෙසට ගල් මුල් ගැසූ බව පොලිසිය කියයි. තවත් භික්ෂූන් වහන්සේ දස නමක් අරලියගහ මැදුරට යන පාරේ බිම දිගා වී සත්‍යග්‍රහයක් ඇරඹූහ.
\