හිමිවරු 600 නමක් පිණ්ඩපාතේ


භික්ෂුන් වහන්සේලා හයසිය නමක්ද සිල්මෑණිවරුන් සිය නමක්ද උපාසක උපාසිකාවන් දෙසීය දෙනකු ද සහභාගීවන අසදෘශ පිණ්ඩපාත චාරිකාවක් පන්නිපිටිය ඇරැව්වල සිරි විජයසිරිවර්ධනාරාමය ලබන 14,15 දෙදින සංවිධානය කරයි.

ධර්ම දේශනා , සර්වඥ ධාතු ප්‍රදර්ශන හා සර්ව රාත්‍රික ධර්ම දේශනා ද ඇතුළත් මෙම පිංකම  මීතිරිගල සෝරත හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා  විජයසිරිවර්ධනාරාමාධිපති අලුත්නුවර සුමනතිස්ස හිමියන්ගේද විහාරාධිකාරි සේනපුර නන්දරතන හිමියන්ගේ ද ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිණ්ඩපාත චාරිකාව පැවැත්වේ.තපෝවනයේ සද්ධාජීව හිමි හා මිල්ලෑවේ මහින්ද හිමියන්ද  මෙම පිංකම් වලට සහභාගි වන  මහා සංඝරත්නය අතර වෙති.

page1 DSC_0433 DSC_0432