හිමිවරු 5ක් පොලිසියේ 2ක් තුවාල ලබති


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා භූමියේ පැවැති උද්ඝෝෂණයේ දී හිමි නමක් එල්ල කළ බව කියන ගල් පහරකින් දෙමටගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ 72 වැනි වාට්ටුවට ඇතුළු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

උද්ඝෝෂණයට එක්වූ හිමිවරු පස් දෙනෙක්ද රෝහලේ සිටිති.

කාන්තාවක බාහිර ප්‍රතිකාර ලබා පිටවී  ගිය බවද රෝහල් ආරංචි කියයි.

කුරුදුවත්ත පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාද තුවාල ලබා රෝහල් ගත කර සිටි.

උප පොලිස් පරික්ෂකගේ තත්ත්වය බරපතල බව පොලිසිය කියයි.