පොසොන් පෝදා කුරුඳුවත්ත ශ්‍රී විජයාරාමාධිපති අයගම සමිත හිමියනයට ධර්ගා නගරයේ පතිරාජගොඩ දී පහර දුන් බව කියන තිදෙනෙක් හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී අද හඳුනා ගනු ලැබූහ.
මොහොමඩ් අමීන් මොහොමොඩ් අස්තාර්, මොහොමඩ් අමීන් මොහොමඩ් අර්ෂාන්, මොහොමඩ් අමීන් මොහොමඩ් අජ්හාර් ඔවුහුය. කළුතර වැඩබලන මහේස්ත්‍රාත් වයි එස් ද සිල්වා මහතා ඉදිරියේ එම පෙරට්ටුව පැවැත්විණි.
ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් ඔවුහු ලබන ජූලි දෙක දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.

