හිමිනමගෙන් පහර කෑ පුද්ගලයා මරුට


පුද්ගලයකුට පහරදී ඝාතනය කළැයි සැකපිට ගාල්ල ලබුදූවේ විහාරස්ථානයක හිමිනමක් අත්අඩංගුවට ගත් බව අක්මීමණ පොලීසිය පවසයි. යක්කලමුල්ලේ 44 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇත. පොලීසිය පවසන්නේ ඔහු පසුගිය 27 දා රාත්‍රී හිමියන් සමග ඇතිවූ බහින්බස් වීමකදි පහර කෑමට ලක්ව ඇති බවයි. තුවාල ලබා සිටි ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් කළ ද අනවසරයෙන් රෝහලින් පිටව සිය නිවසට ගොස් තිබේ. නිවැසියන් විසින් යළි ඔහු උඩුගම රෝහලට ඇතුලත් කැර ඇත. ඔහු යළි 28 දා දහවල් උඩුගම රෝහලින් කරාපිටි රෝහලට මාරුකැර එවීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය කියයි.