අධිකරණයට හා රාජ්‍ය නිලධාරීන්ට අපහස කළැයි බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පෙබරවාරි නව වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමෙන් පසු උසාවිය අසලට පැමිණ සිටි තවත් භීක්ෂූන් පිරිසක් තමන්ද රිමාන්ඩ් කරන ලෙස කෑකෝ ගසන්නට වූහ.
‘අපිත් රිමාන්ඩ් කරපල්ලා. කොල්ලනේ වරෙල්ලා‘ ආදී ලෙස හිමිවරු කෑ ගැසූහ.
බන්ධනාගාර රථය උසාවිය අසලට පැමිණි අතර ඊට යාමට නොදී හිමිවරු පිරිසක් රථය ඉදිරිපිට නිදා ගත්හ.
තවත් පිරිසක් ගේට්ටුවෙන් උසාවිය ඇතුළට යෑමට උත්සාහ කළත් පොලිසිය ගේට්ටුව වසා එය වැළැක්වීය.
ඉන් පසු හිමිවරු තාප්පයෙන් පැන උසාවි භූමියට ඇතුළු වූහ.
අධිකරණ සංකීර්ණයේ දොරටුව වසා දමා ඇත. හිමිවරු භූමියේ සිට කෑකෝ ගසති. අධිකරණයේ දොරවල් වසා ඇතුළේ අධිකරණ වැඩ කටයතු කරගෙන ගියේය.
මෙම කළඹගෑනියත් සමග පොලිසිය කැරලි මර්දන සහ ජල ප්‍රහාරක රථය කැඳැවීය. අවට පොලිසිවලින් 300ක් පමණ පැමිණ සිටිති.
උද්ඝෝෂණයට ආ භික්ෂුවක් ක්ලාන්ත විය. තවත් භික්ෂුවක් උසාවි තාප්පයෙන් ඇතුළට පැන්නේය. හිමිවරු කණ්ඩායමක් ක්ලාන්ත වූ භික්ෂුව ඔසවාගෙන ප්‍රථමාධාර දීමට ගියහ.

![BILD3273[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/BILD32731.jpg)
![BILD3284[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/BILD32841.jpg)
![BILD3291[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/BILD32911.jpg)
![BILD3293[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/BILD32931.jpg)
![BILD3295[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/BILD32951.jpg)
![BILD3297[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/BILD32971.jpg)
![BILD3300[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/BILD33001.jpg)
