හිමිනමක් අම්බුළුවාවට හිමිකම් කියති


ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව භූමියේ නියම අයිතිකරුවා හිටපු අගමැති දි.මු.ජයරත්න නොව තමන්වහන්සේ බව කියමින් අම්බුළුවාව ධර්මාසන විහාරාධිපති උනන්විටියේ ශාන්තභද්‍ර හිමියෝ අම්බුළුවාව පිවිසුම් දොරටුව අබියස මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.

ජනාධිපති, අගමැති හෝ බුද්ධ ශාසන අමාත්‍යවරයා මැදිහත්ව තම ඉල්ලීමට සාධාරණ විසඳුමක් ලබාදෙන තුරු හුන් තැනින් නොනැගිටින බව ඒ හිමියෝ කියති.

ඔප්පුවකින් තමාට හිමි අම්බුළුවාව කන්ද වසර 20ක් පුරා බලහත්කාරයෙන් දි.මු.ජයරත්න හිටපු අගමැතිවරයා අල්ලාගෙන සිටින බවද ශාන්තභද්‍ර හිමියෝ පවසති.

CIMG4391 CIMG4399 CIMG4400 CIMG4401

ඡායාරූප - චමිල් රූපසිංහ