හිමිනම බීලා රිමාන්ඩ් වේ


ළමා අපයෝජන නඩුවක සැකකරුවකු වශයෙන් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ මත්පැන් බී පෙනී සිටි බදුල්ලේ ධම්මකිත්ති නම් හිමි නමක බදාදා (30) දක්වා රිමාන්ඩ් කරන ලෙස ඛේමා ස්වර්ණාධිපති විනිසුරුවරිය නියෝග කළාය.

ඔහු අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය ධනංජය වෛද්‍යරත්න මහතාට ඉදිරිපත් කර වාර්තාවක් සපයන ලෙස ද මහාධිකරණ විනිසුරුවරිය දැන්වූවාය.