කොළඹ 10, අධිකරණ මාවතේ පිහිටා ඇති ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ නාරද පදනම සමාජ සත්කාර්යයන් රැසක් සිදුකරන පුණ්‍යායතනයකි.
එහි නිර්මාතෘ කොළොන්නාවේ නාරද හිමි සිසුන් සිය ගණනකට උගන්වයි. එහි වැඩි දෙනා ස්වේච්ඡා ගුරුවරුය.
සවස් කාලයේ දරුවන් වෙනුවෙන් අමතර පංති පවත්වන උන්වහන්සේ ඒ වෙනුවෙන් විහාරස්ථානයේ පංති කාමර කිහිපයක්ද පිහිටුවා ඇත. අඩු ආදායම් ලාභී සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නාරද පදනම මාසිකව ශිෂ්‍යත්ව ද පිරිනමයි.
‘මාස්ටර් මයින්ඩ්‘ නමැති පරිගණක පාසල හරහා දරුවන්ගේ තොරතුරු තාක්ෂණ ඥානය දියුණු කිරීමේ වැඩසටහනක්ද නාරද පදනමෙන් ක්‍රියාත්මකය.
වෛද්‍ය සායන, ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන් ඇතුළු සමාජ සේවා වැඩසටහන් එහි ක්‍රියාත්මක කෙරේ. මීට අමතරව නාරද පදනම චෙස් ක්‍රීඩාව හා අත්කම් පුහුණු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇත.














