විහාරස්ථානය අලුත්වැඩියා කරගැනීමට විහාරයට අයත් කුඹුරු ඉඩමේ කොටසක් ගොඩකිරීමට ඉඩ නොදෙන බවත් නමුත් වෙනත් අයට මාර්ගයක් සැකසීමට එම කුඹුරේම කොටසක් ගොඩ කිරීමට ඉඩ ලබාදී ඇති බවත් කියමින්කලවාන ගොල්ලුම්පාන ශ්‍රී ඛෙත්තාරාමයේ විහාරාධිපති පෑබොටුවේ ශ්‍රී සුමනරතන හිමියෝ අද (6) කලවාන - විස්කම්ගොඩ පාරේ උපවාසයක් ඇරඹූහ.
තම ගැටලුවට විසඳුමක් දෙන තුරු නොනැගිටින බව කියමින් ඒ හිමියෝ මාර්ගයේ වැතිර සිටිති.
මෙරටේ කුඹුරු ඉඩම් ගොඩ කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව කියයි.