හිමිනම ජපාන පන්සලේ මුළුතැන්ගේ හදයි


(දිසානායක ජපානයේ සිට) - ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ ප්‍රධාන අඩුපාඩුවක්ව පැවති මුළුතැන්ගෙය පසුගිය 27 වන දින විවෘත  විය. මෙහි අලංකාර මුළුතැන්ගෙය විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන්ගේ දෑතින් නිර්මාණ කෙරිණි. 
තවද මේ සඳහා විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමින්වහන්සේලාගේ ශ්‍රම දායකත්වය ද ලැබිණි.
මෙම
විහාරස්ථානයට මාසිකව දානය  සඳහා පිරිනැමූ මුදලින් පමණක් මේ මුළුතැන්ගෙය ඉදි කර තිබේ.