( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )
හංවැල්ල තුන්මෝදර කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිළ ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් ඝාතනයකොට පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හංවැල්ල පොලිසිය පවසයි.
ඒ අතර ආරණ්‍ය සේනාසනයේ වැඩවසන සාමනේර හිමිනමගේ මාපියන් ද ඇතුළත් බව පොලිසිය කියයි .
සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර පොලිස් නිලධාරිනියකගේ සැමියකු පිළිබඳවද විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
ඒ අතර සැකකරුවන් පැමිණි වෑන් රථය ද හඳුනාගෙන ඇති බව කියයි.
ඉකුත් 2දා කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයට පැමිණි සැකකරුවන් එහි සිටි දණගස්වා තර්ජනය කොට 65 හැවිරිදි ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් තිබුණි .
සිද්ධියෙන් අනතුරුව සිදු කළ විමර්ශනයකදී පැහැර ගත් ස්වාමීන් වහන්සේ බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් කොටදෙනියාව නාවාන පොදු සුසාන භූමියේ තිබී (04) දා සොයාගත් බව කියයි .
එම මළ සිරුර පුළුස්සා දමා ඇති අතර එය වලදැමීම සදහා සුසාන භූමියේම කුඩා වලක් ද කපා තිබූ බව පොලිසිය කියයි.
පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි

