හිමිනම කාරය පදවා ජීවිතයක් බේරාගනී


පන්සලේ කාරය පදවාගෙන තුවාල කරුවකුගේ ජීවිතය බේරාගැනීමට ඉමදුව පරගොඩ පන්සලේ හිමිනමක් ඉදිරිපත් වූ බව කරාපිටිය රෝහල් ආරංචිමාර්ග කියයි.

මේ තරුණයා යතුරුපැදියක හැපී තුවාල ලැබූ බවත් යතුරුපැදිෙයේ පැමිණි පුද්ගලයා ද තුවාල ලබා සිටි බවත් තුවාලකරු රෝහලට ගෙන යාමට කිසිවකු ඉදිරිපත් නොවූ අවස්ථාවේ පරගොඩ විහාරවාසී කොක්මාදූව අනුරුද්ධ හිමියන් ඉදිරිපත්ව ඔහු රෝහලට ගෙන ගිය බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති.