කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශයේ අඩුපාඩු කිහිපයක් සැපිරීමට කැළණිය අත්තදස්සී හිමියෝ මැදිහත් වූහ.
උන්වහන්සේ සති දෙකක පමණ කාලයක් තම පාදයේ ඇතිවූ ආබාධයකට ප‍්‍රතිකාර ගැනීම සදහා නේවාසිකව නතරව සිටියේ මෙම අංශයේය.
මෙම අඩුපාඩු උන්වහන්සේ හැදින ගෙන ඇත්තේ එම කාලයේදීය.
මේ සදහා අත්තදස්සී හිමිගේ ඥාතීන් කිහිපදෙනෙක්ද දායකත්වය ලබාදුන්හ.
උන්වහන්සේගේ මැදිහත්වීමෙන් නවීකරණය කෙරුණු ප්ලාස්ටික් ශෛල්‍ය වෛද්‍ය ඒකකය නැවත ප‍්‍රතිකාර සදහා විවෘත කෙරුණු අවස්ථාවට කතානායක කරූ ජයසූරිය,ජනපති විශේෂ නියෝජිත තිලිණ වේවල්පනාව,කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජයසිංහ යන මහත්වරුද සහභාගීවූහ.

