හිමිකරුවකු නැති මෝටර් රියක් සොහොන්පිටියක


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


හිමිකරුවෙකු නොමැතිව දමා ගිය සුඛෝපභෝගී මෝටර් රථයක් වැලිගම බටවල ප්‍රදේශයේ සොහොන් පිට්ටනියක තිබී අද (18) උදෑසන සොයා ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.


කිසිවකුත් නොමැති එම මෝටර් රථය පිළිබඳව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.


මෝටර් රථයේ ලියාපදිංචි අයිතිකරු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට පොලීසිය තොරතුරු අනාවරණය කර ගෙන ඇත.
ඒ අසල මාර්ගයෙන් ගමන් ගන්නා විට එය අනතුරට ලක්වූයේ ද එසේත් නොමැති නම් වෙනත් කටයුත්තක් සදහා පැමිණි වාහනයක් ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් මේ වන තෙක් හෙළි වී නොමැත.