හිමිකරු නැති ඩිපෙන්ඩරයක් මාදිවෙලින් මතුවෙයි


කෝට්ටේ මාදිවෙල මන්ත්‍රී  නිල නිවාස සංකිර්ණයේ දී  හිමිකරුවකු  නොමැතිව නතර  කර  තිබු  ඩිපෙන්ඩර්  ජිප්රියක්  අද (21) සොයාගත්  බව නියෝජ්‍ය  ඇමැති  රංජන්  රාමනායක හා  මහනුවර  දිස්ත්‍රික්කයේ  එජාප මන්ත්‍රී  ආනන්ද අලුත්ගමගේ  මහත්වරු පවසති.

ජිප්  රිය පසුගිය මැතිවරණ සමයේ  කවුරුන්  කවර  දේකට  යොදා ගත්තේ ද යන්න සොයා බලන ලෙස රංජන්  රාමනායක මහතා  පොලිසියෙන්  ඉල්ලීමක්  කළේය.

ජිප් රිය 2434 දරණ මෙම වාහනය 2013.05.16 වාහන නඩත්තු හා  සේවා  කටයුතු  කර  ඇති  බව වාහනය තුළ තිබු  පොතේ  සඳහන්  කර ඇත.

කිලෝමීටර  3,92,749 ධාවනය කොට  ඇති බවද එම පොතේ  දැක්වේ.

DSC01277 DSC01281