හිමි නම මරුවැල පෑගී රෝහලේ


දොළුකන්ද පන්සලේ හිටපු හිමි නමක් සාලියවැව විළඳගොඩදී බැඳපු තුවක්කුවක මරු වැලක් පෑගී පුත්තලම රෝහලට ඇතුළු කළ බව පුත්තලම පොලීසිය කියයි.

අනුරාධපුරයේ චන්දවිමල නම් එම හිමියන් පන්සල අසළ කැලෑබද පාරකින් යද්දී මරුවැල පෑගී ඇත.

සතුන් දඩයම් කිරීම සඳහා බෙහෙත් කොටන තුවක්කු බැඳ මරුවැල් අදිති.