හිමි දෙනමක් ගුරුවරයාට තඩි බාති


බංඩාරගම උත්සවයක පෙරහැරක ගිය සිසුනට  බීමට බෙදා දුන් කිරි පැකට් කල් ඉකුත් වූ බව කියු ගුරුවරයෙක් අද සවස හොදටම ගුටි කෑවේය.

දර්ශන පුෂප කුමාර නම් එම ගුරුවරයා ඇදගෙන පන්සල් භූමියට ගිය හිමි දෙනමක් ඔහුට පහර දෙද්දී දායක පිරිසක්ද ඊට දායක වූහ.

ගුරුවරයා  රෝහලකට ඇතුලත් වී ප්‍රථිකාර ගැනීමට තරම් තුවාල ලබා   සිටියද ඔහුගේ බිරිය මීට දින කිහිපයකට පෙර දරුවෙකු බිහිකර ඇති හෙයින් ගෙදර සිටිය යුතුම  නිසා  රෝහලට නොගිය බව ඔහු පොලිසියට කල පැමිණිල්ලේ සදහන් වෙයි.

ඔහු පහර  කෑවේ ලෝක ගුරු දිනයේ දීය.